හමාස් සංවිධානයේ තීරණ නිසා යළි යුදගිනි ඇරඹෙන ලකුණු...

By Piyumika Feb 12, 2025 03:32 AM GMT
Report

පලස්තීනය විසින් සෙනසුරාදා දහවල් වන විට අපගේ ප්‍රාණ ඇපකරුවන් ආපසු නිදහස් නොකළ හොත් ගාසා තීරයේ සටන් විරාමය අවසන් කර නැවත දැඩි සටන් ආරම්භ කරන බව ඊශ්‍රායල අනතුරු අඟවා තිබේ.

රජයේ රෝහල් සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ 40 ක් ගැන ඇහෙන අසුබ කතාව..

රජයේ රෝහල් සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ 40 ක් ගැන ඇහෙන අසුබ කතාව..

විදෙස් වාර්තා සඳහන් කළේ, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම කල්දමන බවට හමාස් සංවිධානය කළ නිවේදනයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මේ බව පවසා ඇති බවය.

ගාසා තීරය තුළ සහ අවට ඊශ්‍රායල හමුදා ආරක්ෂාව තර කරන ලෙස තමා නියෝග කළ බවද බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබේ.

බදු අඩු කිරීම ගැන රජය දැන් කියන දේ...

බදු අඩු කිරීම ගැන රජය දැන් කියන දේ...

විදෙස් වාර්තා පවසන්නේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 76 දෙනෙකු තවදුරටත් රඳවාගෙන සිටින බවය.

මානුෂීය ආධාර අවහිර කිරීම ඇතුළුව සති තුනක් පැරණි සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කළ බවට හමාස් සංවිධානය ඊශ්‍රායලයට චෝදනා කර තිබේ.

You may like this video