මහ පාන්දරම ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාම ඇරඹෙයි - විරාමය මැදත් ඊශ්‍රායලය ලෙබනනයේ ගම්වලට වෙඩි තියලා
By Kaushi
ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමය මෙරට වේලාවෙන් අද (17) අළුයම 2:30ට ආරම්භවී තිබෙනවා.
එහෙත් ඊශ්‍රායලය විසින් ලෙබනනයේ දකුණු ප්‍රදේශයේ ගම්මානවලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බව ලෙබනන් හමුදාව සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එමෙන්ම මේ අතර, හිස්බුල්ලා සංවිධානයේ ක්‍රියාකාරකම් තවදුරටත් පවතින බව පවසමින් තම හමුදාවන් තවදුරටත් එහි ස්ථානගතව සිටින බව ඊශ්‍රායලය සඳහන් කරයි.