සටන් විරාමය පැත්තකට දාලා ආයෙත් යුද්ධය පටන් අරන්
By Ashfa
සිරියාවේ දකුණු ස්වයිඩා ප්‍රාන්තයේ ඩෲස් ජන වලින් සහිත නගරයෙහි, සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසුම, සිරියානු රජයේ හමුදා සහ ප්‍රාදේශීය ඩෲස් සටන්කරුවන් අතර ගැටුම් නැවත ආරම්භ වී ඇත.
Reuters පුවත් සේවය අනුව, අලුයම වනවිට නගරය සහ අවට ගම්මාන දැඩි කාලතුවක්කු හා මෝටාර් ප්‍රහාර වලට ලක්වී තිබුණි.
ප්‍රහාරවල ඉලක්කය වී ඇත්තේ, නිරිතදිග සිරියාවේ මෙම ප්‍රදේශයේ ගමන් කරමින් තිබූ සිරියානු හමුදා රථ පෙළක් ලෙස වාර්තා වෙයි. සිරියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය හරහා නිකුත් කළ නිවේදනයකදී, මෙම සටන් විරාමය කඩ කිරීම සඳහා ස්වයිඩාහි ක්‍රියාත්මක නීති විරෝධී කණ්ඩායම්වලට වගකිව යුතු බව පැවසේ.