වතුර කියල කියන්නේ අපේ ජීවන පැවැත්මට ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. මොකද ඉවුම් පිහුම් වලට වගේම පිරිසිදුවට ඉන්නත් ජලය කියන දෙය අපිට ඉතාමත් අත්‍යවශ්‍ය සාධකයක් .
ඉතින්, අපිට වතුර කියන කාරණාව ඇත්තටම සරලව හිතන්න බැහැ වගේම අපිරිසිදු වතුර කියල කියන්නේත් සරලව හිතලා අහක දාන්න පුළුවන් කාරණාවක් නම් නොවෙයි.
මොකද වසරකට ලෝකය පුරා මිනිසුන් මිලියන 1.8 පමණ අපිරිසිදු ජලය නිසා වැළදෙන කොළරාව පාචනය වැනි රෝග වලින් මියයනු ලබනවා .
ඉතින් ඔයා පිරිසුදුයි කියලා හිතලා පානය කරන වතුර ඇත්තටම පිරිසිදුයිද කියල කවදමහරි කල්පනා කරලා තියෙනවද ?
අන්න ඒ නිසා අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ අපි පිරිසිදුයි කියලා හිතලා පානය කරන වතුර අතටම පිරිසිදුද කියන එක ගැනයි.
එන්න, අපි දැන් ඒ ගැන බලමු.
ඉතින්, අද අපි ගෙනාපු මේ වීඩියෝ එක ඔයාලට හුඟක් ප්‍රයෝජනවත් වේවි.