ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 120 ක ලාභයක්...

By Parami Dissanayake May 19, 2024 03:46 PM GMT
Report

 2023 වර්ෂයේ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 120.3ක ලාභයක් වාර්තාකොට ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් වේ.

එමෙන් ම, 2022 වර්ෂයේ දී රුපියල් බිලියන 617.6ක අලාභයක් වාර්තා කර තිබු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පිරිවැය පිළිබිඹු කරන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම සංස්ථාවේ මූල්‍ය කාර්යසාධනය වැඩිදියුණු කිරීමට හේතු වී ඇති බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

ඉරාන ජනාධිපති ගමන්ගත් හෙලිකොප්ටරයක් හදිසියේ ගොඩබස්වයි...

ඉරාන ජනාධිපති ගමන්ගත් හෙලිකොප්ටරයක් හදිසියේ ගොඩබස්වයි...

තව ද, මහබැංකු වාර්තාවේ සඳහන් වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 2023 වර්ෂය අවසන් වන විට රාජ්‍ය ආයතනවලින් රුපියල් බිලියන 17.7ක හිඟ ණය මුදලක් අය වීමට තිබි ඇත.

ඒ අනුව, මහ බැංකු විසින් නිකුත් කරනු ලැබූ ආර්ථික විවිරණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ , ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා ගුවන් සේවය හා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අය විය යුතු වෙළෙඳ ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් සමග රාජ්‍ය ආයතනවලින් අයවිය යුතු සමස්ත හිඟ ණය මුදල රුපියල් බිලියන 206.0කින් පහළ ගොස් ඇති බව ය.