LTTE නැවතත් හිස ඔසවයි? ආයෙත් යුද්ධයක්?

By Mithu May 12, 2025 05:31 PM GMT
Report

කැනඩාවේ වෙසෙන දෙමළ ජාතිකයින් පිරිසක් එරට බ්‍රැම්ප්ටන් නගරයේ ඉදිකළ, LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට වන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.

කොළඹ වරායට පැමිණි ආගන්තුකයා

කොළඹ වරායට පැමිණි ආගන්තුකයා

මේ සම්බන්ධයෙන් කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් වාර්තාවක් කැඳවීමට බලාපොරොත්තු වන බව  කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දෙමළ ජාතිකයින් පිරිසක් විසින් එරට බ්‍රැම්ප්ටන් නගරයේ ඉදිකරනු ලැබූ ස්මාරකයක් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ මේවනවිට වීඩියෝපට කිහිපයක් සංසරණය වෙයි.

සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සටහන් මගින් ඔවුන් සඳහන් කර ඇත්තේ, 2021දී යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකළ අනුස්මරණ ස්මාරකය විනාශ කිරීමට ලක්රජය කටයුතු කිරීමට ප්‍රතිචාර වශයෙන් මෙම ස්මාරකය ඉදිකළ බවය. කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය ඇතුළු කැනඩාවේ සිටින දෙමළ සංවිධානවල අනුග්‍රහයෙන් ඉදිකර ඇති මෙම ස්මාරකය, LTTE සංවිධානය නිර්මාණය කළ බවට පැවසෙන දෙමළ ඊළාම් සිතියම ද ඇතුළත් කරමින් ස්ථාපනය කර ඇති අයුරු දැකගත හැකිවුණි.

සභාවල බලය පිහිටවන්න අපි මුදලට මන්ත්‍රීවරු ගන්නේ නෑ - ඇමති විජිත

සභාවල බලය පිහිටවන්න අපි මුදලට මන්ත්‍රීවරු ගන්නේ නෑ - ඇමති විජිත

අදාළ ස්මාරකය විවෘත කරන අවස්ථාවට ඔන්ටාරියෝහි නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන ශ්‍රී ලංකාවේ යාපනයේ උපත ලද විජේ තනිගසලාම් නමැත්තෙකු ද එක්ව සිටි අයුරුද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවල දක්නට ලැබුණි.

ජනපතිට කොළඹින් සාමාන්‍ය මට්ටමේ නිවසක් සොයයි...

ජනපතිට කොළඹින් සාමාන්‍ය මට්ටමේ නිවසක් සොයයි...