T 20 දෙවන තරඟයේ ජය අයර්ලන්තයට...

Report

අද (13) පැවති සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර විස්ස තරගාවලියේ දෙවැනි තරගය ලකුණු 7කින් ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය.

ජනපති රනිල්ගෙන් ආරක්ෂක අංශ සාමාජිකයින්ට ස්තුතිය...

ජනපති රනිල්ගෙන් ආරක්ෂක අංශ සාමාජිකයින්ට ස්තුතිය...

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 3ක් දැවී ලකුණු 173ක් රැස්කර ගැනීමට සමත් විය.

අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා කාන්තා පිලට නියමිත පන්දුවාර 20තුළ කඩුළු 7ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 166ක් පමණී.

විෂ වායු කාන්දුවකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට...

විෂ වායු කාන්දුවකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට...

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම පන්දු 44කදී ලකුණු 65ක් රැස්කර ගැනීමට සමත් වූ අතර, ඊට දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 9ක් ඇතුළත් වේ.

ඒ අනුව දෙරට අතර පන්දුවාර විස්ස තරගාවලිිය තරග 1ට 1ක් ලෙස ජය පැරදුමෙන් අවසන් විය.