ඉරාන ජනපති මියගිය අතරේ ලංකාවට ආ විශේෂ දේ මෙන්න..සංවේදී සිදුවීමක්.

Ibrahim Mahlab Mahinda Amaraweera Iran Iran-Israel Cold War Iran President
By Aruna May 21, 2024 02:29 AM GMT
Aruna

Aruna

Report

ඉරාන ජනපති ඊබ්‍රයිම් රයිසි මියගිය අනුවේදනීය පුවත වාර්තා වූ මොහොතේම සිදු වූ තවත් අනුවේදනීය පුවතක් පිළිබඳව තොරතුරු මේ වන විට වාර්තා වනවා.

ඒ ඉරාන ජනාධිපතිවරයා මෙරට කෘෂිකර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාහට එවා තිබූ ත්‍යාගයක් ඉරාන ජනාධිපතිවරයා මියගිය බවට නිල වශයෙන් නිවේදනය වූ මොහොතේම අමාත්‍යවරයාට ලැබීමේ පුවත පිළිබඳ සිදුවීමයි.

ඉරාන ජනපතිගේ මියයාම තහවුරු වීමත් සමඟ අන්තර්වාර ජනපති ගැනත් එළියට ආ අලුත්ම තොරතුරු. - (VIDEO)

ඉරාන ජනපතිගේ මියයාම තහවුරු වීමත් සමඟ අන්තර්වාර ජනපති ගැනත් එළියට ආ අලුත්ම තොරතුරු. - (VIDEO)


අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉරානයේ රාජතාන්ත්‍රික සංචාරයක නිරත වීමට මින් පෙර නියමිතව තිබුණත් එය අවලංගු කිරීමට කටයුතු යොදා තිබූ බවයි වාර්තා වන්නේ.

උමා ඔය විවෘත කිරීම සඳහා ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණි අවස්ථාවේදී ඔහුගේ පරිවාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ, මහින්ද අමරවීර මහතාය.

ඒ අනුව, අමාත්‍යවරයාගේ ඉරාන සංචාරය අවලංගු නොකරන ලෙසත් ඉරානයට පැමිණෙන ලෙසත් ඉරාන ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරයාට ආරාධනා කර තිබීම ද විශේෂවයක්.

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ලසිත් මාලිංගගෙන් විශේෂ අනාවැකියක්.(VIDEO)

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ලසිත් මාලිංගගෙන් විශේෂ අනාවැකියක්.(VIDEO)


ඒ අනුව ඉරානයේ සංචාරයක එක් වූ අමාත්‍ය අමරවීර මහතා එරට විදේශ ඇමති හා කෘෂිකර්ම ඇමති මුණගැසුණ ද ඉරාන ජනාධිපතිවරයා මුණ ගැසීමට නොහැකි වූ බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, යළි මෙරටට පැමිණීමෙන් පසු ආගමික සංකේතයක්, සංකේතවත් කරන ත්‍යාගයක් අමාත්‍ය මහින්ද අමරවීර මහතාහට මෙසේ ලැබී ඇති බවයි.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%