විරෝධතාකරුවන්ට දුටු විගස වෙඩි තබන්න නියෝග.. 500ට වැඩි මරණ.. කැළඹුණු ඉරානය..

Report

ඉරාන මුදල් ඒකකය වන රියාල් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව මෙතෙක් වාර්තා වූ දරුණුතම මිල අවපාතයට මුහුණ දී ඇත.

ආර්ථික අර්බුදය, ඉහළ යන ජීවන වියදම් සහ මෑතකදී හඳුන්වා දුන් පෙට්‍රල් මිල වෙනස්කම් හේතුවෙන් කෝපයට පත් පුරවැසියන් සහ ව්‍යාපාරිකයින් තෙහෙරාන් ඇතුළු ප්‍රධාන නගර රැසක වීදි බැස විරෝධතා දක්වා ඇත. විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා ආරක්ෂක අංශ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ තත්ත්වය තීව්‍ර වී ඇත.

විරෝධතා පාලනය කිරීමේදී ඇති වූ ප්‍රචණ්ඩත්වයෙන් මිය ගිය සංඛ්‍යාව දැනට 538 දක්වා ඉහළ ගොස් ඇති අතර, පුද්ගලයින් 10,600කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. තවද රජය විරෝධතා පැතිරීම වළක්වා ගැනීම සඳහා රට පුරා අන්තර්ජාල සේවා කපා හැර තිබේ.

ලොවම කම්පා කරමින් සොහොන් පිටියක් වූ ඉරානය - මරණ 217 ටත් වැඩියි

ලොවම කම්පා කරමින් සොහොන් පිටියක් වූ ඉරානය - මරණ 217 ටත් වැඩියි

අර්බුදය තීව්‍ර වීමත් සමඟ මහ බැංකු අධිපති මොහොමඩ් රේසා ෆාර්සින් ඉල්ලා අස්වීමට බල කර ඇති බව වාර්තා වේ.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි විරෝධතාකරුවන්ට දුටු විගස වෙඩි තැබීමට නියෝග කර ඇති බව ද වාර්තා වන අතර, එය තත්ත්වය තවදුරටත් ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට හැරවීමට හේතු වී ඇත.

එක්සත් ජනපද සම්බාධක, ඉහළ උද්ධමනය සහ ආර්ථික පීඩනයන් මෙම අර්බුදයට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන ඇති අතර, සාමාන්‍ය ජීවිතය අඩාල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයේ මෙම තීව්‍ර ආර්ථික හා දේශපාලන අර්බුදය ජාත්‍යන්තර අවධානය දිනාගෙන ඇති අතර, තත්ත්වය තවදුරටත් උත්සන්න වීමේ අවදානමක් පවතින බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

රට බලෙන් අල්ලන් ජනපතිකම පවරා ගනී - ඉතිහාසයේ කැතම දේශපාලනය ට්‍රම්ප්ගෙන්

රට බලෙන් අල්ලන් ජනපතිකම පවරා ගනී - ඉතිහාසයේ කැතම දේශපාලනය ට්‍රම්ප්ගෙන්