හෝමූස් ගැන අද ඇමරිකාවේ නිල ප්‍රතිචාරය - ඉරානය සමඟ මුළු ලොවම මඟ බලන පිළිතුර

Report

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කරන්නේ ටෙහෙරානය නිව්යෝර්ක්හි කටාර් මැදිහත්කරුවන් හරහා එක්සත් ජනපදය සමඟ තවදුරටත් වක්‍ර සාකච්ඡා පවත්වා ඇති බවත්, අඟහරුවාදා වන විට හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉරානය ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳව වොෂින්ටනයේ නිල ප්‍රතිචාරය "බලාපොරොත්තු සහගතව" අපේක්ෂා කරන බවත්ය.

මේ අතර සඳුදා ඇමරිකානු සහ ඉරාන සාකච්ඡාකරුවන් මැදිහත්කරුවන් හරහා පණිවිඩ හුවමාරු කරගත් බව ජනාධිපති ට්‍රම්ප් තහවුරු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඉන්ධන ගැන රටටම සුබ ආරංචියක් - ඉදිරි මාස තුන වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ

ඉන්ධන ගැන රටටම සුබ ආරංචියක් - ඉදිරි මාස තුන වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ

කෙසේ වෙතත් අඳාළ සාකච්ඡා පිළිබඳ කිසිදු විස්තරයක් බෙදා නොගත් ඔහු, "අපි ජයග්‍රහණය කරන්නෙමු" යනුවෙන් පවසා ඇත.

මේ අතර ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ඉරිදා කියා සිටියේ ටෙහෙරානය "නැවත ආරම්භ වීමට නියමිත යුද්ධය සඳහා සම්පූර්ණයෙන්ම සූදානම්" බවත්, මාස හතක ගැටුම අවසන් කිරීම අරමුණු කරගත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු අලුත් කිරීමේ හැකියාව සඳහා සූදානම් බවත්ය.

එසේම එය "තේරීම ජනාධිපති ට්‍රම්ප්ට භාරයි" යනුවෙන් ඔහු ප්‍රකාශ කළා.   

සුළු මොහොතකට පෙර නිවේදනයක් - අදත් ගිගුරුම් සහිත මහ වැසි - 2න් පසු තත්ත්වය භයානකයි

සුළු මොහොතකට පෙර නිවේදනයක් - අදත් ගිගුරුම් සහිත මහ වැසි - 2න් පසු තත්ත්වය භයානකයි

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්