හෝමූස් ගැන අද ඇමරිකාවේ නිල ප්‍රතිචාරය - ඉරානය සමඟ මුළු ලොවම මඟ බලන පිළිතුර
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කරන්නේ ටෙහෙරානය නිව්යෝර්ක්හි කටාර් මැදිහත්කරුවන් හරහා එක්සත් ජනපදය සමඟ තවදුරටත් වක්‍ර සාකච්ඡා පවත්වා ඇති බවත්, අඟහරුවාදා වන විට හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉරානය ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳව වොෂින්ටනයේ නිල ප්‍රතිචාරය "බලාපොරොත්තු සහගතව" අපේක්ෂා කරන බවත්ය.
මේ අතර සඳුදා ඇමරිකානු සහ ඉරාන සාකච්ඡාකරුවන් මැදිහත්කරුවන් හරහා පණිවිඩ හුවමාරු කරගත් බව ජනාධිපති ට්‍රම්ප් තහවුරු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කෙසේ වෙතත් අඳාළ සාකච්ඡා පිළිබඳ කිසිදු විස්තරයක් බෙදා නොගත් ඔහු, "අපි ජයග්‍රහණය කරන්නෙමු" යනුවෙන් පවසා ඇත.
මේ අතර ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ඉරිදා කියා සිටියේ ටෙහෙරානය "නැවත ආරම්භ වීමට නියමිත යුද්ධය සඳහා සම්පූර්ණයෙන්ම සූදානම්" බවත්, මාස හතක ගැටුම අවසන් කිරීම අරමුණු කරගත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු අලුත් කිරීමේ හැකියාව සඳහා සූදානම් බවත්ය.
එසේම එය "තේරීම ජනාධිපති ට්‍රම්ප්ට භාරයි" යනුවෙන් ඔහු ප්‍රකාශ කළා.