ට්‍රම්ප්ගේ ප්‍රකාශය මැද ලෝක කුසලාන පාපන්දු පිටිය උණුසුම් වෙයි - ඉරානය තීරණය ගනී

Report

2026 වසරේ FIFA ලෝක කුසලාන පාපන්දු සඳහා ඉරාන ජාතික පාපන්දු කණ්ඩායම පූර්ණ සූදානමකින් පසුවන බව ඉරාන රජය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

මෙම තරගාවලිය අමෙරිකා, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල් තුනේ සම සත්කාරකත්වයෙන් ජුනි 11 සිට ජූලි 19 දක්වා පැවැත්වීමට නියමිතය.

ඉරාන රජයේ ප්‍රකාශිකා ෆාතිමා මොහජරානි පවසන්නේ, කණ්ඩායමේ සහභාගීත්වය සඳහා අවශ්‍ය සියලු පහසුකම් ක්‍රීඩා හා යොවුන් කටයුතු අමාත්‍යාංශය මගින් සකස් කර ඇති බවයි.

වෙසක් සතිය මැයි 27 සිට ජූනි 2 දක්වා - අමතර නිවාඩු දිනයක් ගැන විශේෂ නිවේදනයක්

වෙසක් සතිය මැයි 27 සිට ජූනි 2 දක්වා - අමතර නිවාඩු දිනයක් ගැන විශේෂ නිවේදනයක්

එමෙන්ම, ජියානි ඉන්ෆැන්ටිනෝ මහතාද පසුගිය සතියේ සඳහන් කළේ ඉරානය මෙම තරගාවලියට සහභාගී වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත්, ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මාර්තු මාසයේදී ප්‍රකාශ කර තිබුණේ, ඉරාන කණ්ඩායමට තරගාවලියට පැමිණීමට අවස්ථාව තිබුණද, ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින තත්ත්වය හමුවේ එය කොතරම් යෝග්‍යද යන්න පිළිබඳ සැකයක් පවතින බවයි. 

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5කට වැඩේ දෙයි - ණය ගෙවන්න ගිය මුදල් හැකර්වරුන් අතට?

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5කට වැඩේ දෙයි - ණය ගෙවන්න ගිය මුදල් හැකර්වරුන් අතට?

ලංකාවේ ලක්ෂ 44ක දූ පුතුන්ට චීනයෙන් දැවැන්ත තෑග්ගක්

ලංකාවේ ලක්ෂ 44ක දූ පුතුන්ට චීනයෙන් දැවැන්ත තෑග්ගක්