ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීම් මැද ඉරාන ජනාධිපති දුන්න නියෝගය
By Kaushi
කලාපීය ලෙස වර්ධනය වෙමින් පවතින යුධමය නොසන්සුන්තා සමනය කරගැනීමේ අරමුණින්, ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් නැවත සාකච්ඡා ආරම්භ කරන මෙන් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් එරට විදේශ අමාත්‍යවරයාට නියෝග කර ඇත.
ඒ අනුව ඉරාන ජනාධිපතිවරයා සිය නිල X (ට්විටර්) ගිණුම ඔස්සේ සඳහන් කර ඇත්තේ, තර්ජනවලින් සහ අසාධාරණ අපේක්ෂාවන්ගෙන් තොර සුදුසු වටපිටාවක් පවතින්නේ නම්, රටේ ජාතික අවශ්‍යතාවන්ට හානි නොවන ලෙස "සාධාරණ සහ යුක්ති සහගත" සාකච්ඡා මාර්ගයකට අවතීර්ණ වීමට තමන් සූදානම් බවයි.
එමෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මඟින් ඉරානයට සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට කාලය සීමිත බවට අනතුරු අඟවා තිබූ පසුබිමක මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.