සියල්ලන් බලා සිටි හෝමුස් යළි විවෘත කිරීම ගැන ඉරානයෙන් ප්‍රකාශයක්
ඇමරිකාව විසින් ආක්‍රමණශීලී ක්‍රියාවන් නතර කළහොත් හෝමුස් සමුද්‍ර සන්ධිය ආරක්ෂිත ගමනාගමනය සඳහා යළි විවෘත කරන බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය සායිද් ඛාතිබ්සාදේ පවසයි.
ඔහු කියා සිටියේ ඉරානය සෑම විටම ජාත්‍යන්තර සම්මුතීන් සහ ජාත්‍යන්තර නීතියට අනුකූලව කටයුතු කරන බවයි.
කෙසේ වෙතත් ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම සමුද්‍ර සන්ධිය ගල්ෆ් කලාපීය යුද නැව් විසින් අවභාවිත කිරීම තමන් පිළි නොගන්නා බවයි.