ආයෙත් යුද්ධයකද ? වෙන රටවල් ගහලා අල්ලන්න ඊශ්‍රායලයට කිසිම අයිතියක් නෑ - ඉරාන ජනපතිට යකා නගී
ඉරාන ජනාධිපති මසූද් පෙෂෙස්කියන් පවසන්නේ වෙනත් රටවල් ආක්‍රමණය කිරීමට ඊශ්‍රායලයට කිසිදු අයිතියක් නොමැති බවයි.
ඔහු පවසන්නේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ 'ග්‍රේට(ර්) ඊශ්‍රායල් ' හෙවත් ශ්‍රේෂ්ඨ ඊශ්‍රායලය නම් සැලසුමට තමන් විරුද්ධ බවත් එම ග්‍රේටර් ඊශ්‍රාලය සිතියම තුළ අසල්වැසි රාජ්‍යන්ගේ භූමි ප්‍රදේශ ද ඇතුළත් වන පරිදි සැලසුම් කර ඇති බවත්ය.
චීන මාධ්‍ය ආයතනයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ ඉරාන ජනාධිපති මසූද් පෙෂෙස්කියන් පවසන්නේ මැද පෙරදිග කලාපය තුළ ඊශ්‍රායලයේ ක්‍රියාකලාපයට තමන් දැඩිව විරුද්ධ වන බවයි.
ඊශ්‍රායලයේ මෙම නීතිවිරෝධි, අසාධාරණ සහ අමානුෂික ක්‍රියා සම්බන්ධව සෙසු රටවල් නිහඬව සිටිය යුතු නැති බවත් ඇමරිකාව ඊශ්‍රායලයට සහාය දැක්වීම තමන් හෙළා දකින බවත් ඔහු පවසයි.