තත්ත්වය තවත් බිහිසුණු අතට - ඉරානයේ අන්තර්ජාල සබඳතා බිඳ වැටෙයි
අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරාන භූමියට එල්ල කළ දැවැන්ත ප්‍රහාර සහ ඉන් අනතුරුව ඉරානය විසින් ප්‍රතිප්‍රහාර එල්ල කළ පසු පැය කිහිපයකට පසු, එරට අන්තර්ජාල පහසුකම් දැඩි ලෙස සීමා කර ඇති බව වාර්තා වේ.
ගෝලීය අන්තර්ජාල ක්රියකාරීත්වය නිරීක්ෂණය කරන Kentik ආයතනයේ දත්ත අනුව, සෙනසුරාදා එල්ල වූ ප්‍රහාරවලින් පසු ඉරානයේ සබඳතා දැඩි ලෙස පහත වැටී ඇති බව සඳහන්.
මෙම ආයතනයේ විශ්ලේෂණය පෙන්වා දක්වන්නේ, දැඩි පහත වැටීමෙන් පසු රටේ ගෝලීය අන්තර්ජාල ප්රවේශයේ 99%ක් පමණ විසන්ධි වී ඇති බවයි. සමාජ මාධ්‍ය ජාලයන්හි සක්‍රීයව පවතින්නේ රජයේ නිලධාරීන් හෝ රජයේ විශ්වාසය දිනූ පුද්ගලයන්ට අයත් සීමිත ගිණුම් පමණක් බවත්, එහෙත් රට තුළ ක්‍රියාත්මක වන දේශීය වෙබ් අඩවි සහ පණිවුඩ හුවමාරු පද්ධති (internal messaging platforms) තවමත් ක්‍රියාත්මක වන බවත් වාර්තා වේ.
මෙයට පෙර 2026 ජනවාරි මාසයේද නොසන්සුන්කාරී වාතාවරණයකදී ඉරානය මෙලෙස රට පුරා අන්තර්ජාලය විසන්ධි කිරීමට පියවර ගෙන තිබූ බව සඳහන් වේ.