ඇමෙරිකානු හමුදාවේ විශේෂ අණදෙන මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත දරුණු ප්‍රහාරයක්

Report

සිරියාවේ අල්-ටන්ෆ් ප්‍රදේශයේ පිහිටි ඇමෙරිකානු හමුදාවේ විශේෂ අණදෙන මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත දරුණු ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය පසුගියදා ප්‍රකාශ කළේය.

පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකාව විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ආරම්භ වූ මැද පෙරදිග නව යුද අර්බුදයේදී, ඉරාන බලකායන් විසින් සිරියාවේ පිහිටි ඇමෙරිකානු හමුදා ඉලක්ක සෘජුවම වෙත ප්‍රහාර එල්ල කළ පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වේ.

විශේෂ නව නීතියක් - මෙහෙම නැත්නම් ආයේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන් තහනම්

විශේෂ නව නීතියක් - මෙහෙම නැත්නම් ආයේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන් තහනම්

ඉරාන්ෂාර් ප්‍රදේශයට ඇමෙරිකානු හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන සොල්දාදුවන් පිරිසක් ඝාතනයට ලක්වීමට පළිගැනීමක් ලෙස ඉරානය මෙම ප්‍රහාරය දියත් කර ඇත.

මේ සමඟම ක්‍රියාත්මක වූ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය ප්‍රකාශ කළේ හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය සියයට සියයක් තමන් සතු බවත්, ඇමෙරිකාව සිය ප්‍රහාර නතර කරන තෙක් කිසිදු ඉන්ධන හෝ ස්වභාවික වායු ප්‍රවාහන නෞකාවකට එම සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට ඉඩ නොතබන බවත්ය.

හිටපු පොලිස්පති CDගේ මරණය ගැන තොරතුරු රැසක් එළියට - පුතා ලේලි නිසා ලොකු අවුලක ඉදලා

හිටපු පොලිස්පති CDගේ මරණය ගැන තොරතුරු රැසක් එළියට - පුතා ලේලි නිසා ලොකු අවුලක ඉදලා

දෙපාර්ශවය අතර පැවැති සටන් විරාමය බිඳ වැටුණු පසු ඇමෙරිකාව හයවැනි දිනටත් ඉරානයට ප්‍රහාර එල්ල කර තිබූ අතර, එහිදී ඉරානයේ සිවිල් යටිතල පහසුකම් ඇමෙරිකාවේ ප්‍රධාන ඉලක්කය වී තිබුණි.

ඉරානයේ ප්‍රධාන වරාය නගරයක් වන බන්දාර් අබ්බාස් නගරය, ඉස්ලාමීය ජනරජයේ සෙසු ප්‍රදේශවලින් වෙන් කර හුදකලා කිරීම සඳහා ඇමෙරිකානු හමුදාව සැලැසුම් සහගතව මෙම ප්‍රහාර එල්ල කර ඇති බව පෙනේ.

ඇමෙරිකානු හමුදාවේ ප්‍රහාර හේතුවෙන් ඉරානයේ උපායමාර්ගික පාලම් හතකට දැඩි හානි සිදුව ඇති අතර, ඉන් පාලම් හයක්ම පිහිටා ඇත්තේ බන්දාර් ඛමීර් ප්‍රදේශයේය.

මෙම පාලම් බොහොමයක් ඉරාන වරායන් සහ බන්දාර් අබ්බාස් නගරය යා කරන ප්‍රධාන මාර්ග පද්ධති වේ.

මෙම නවතම ඇමෙරිකානු ප්‍රහාර මාලාවෙන් ඉරාන වැසියන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඇමෙරිකාවේ මෙම ආක්‍රමණශීලී ක්‍රියාවන්ට පිළිතුරු ලෙස ඉරානය මැද පෙරදිග කලාපයේ පිහිටි සෙසු ඇමෙරිකානු හමුදා ඉලක්ක වෙත ද ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත.

ඒ අනුව, කුවේටයේ ස්ථාන කිහිපයකට ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය රොකට් ප්‍රහාර එල්ල කර තිබූ අතර, ඉන් කුවේටය තුළ පිහිටි ඇමෙරිකානු හමුදා යටිතල පහසුකම්වලට ද දැඩි හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.