ඉරානය ඩොනල්ඩ් ට්‍රම්ප්ට රිද්දයි

By Sewvandhi Aug 11, 2024 11:30 AM GMT
Report

ඉරාන හැකර්වරුන් විසින් හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ අභ්‍යන්තරව හුවමාරු වූ තොරතුරු ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

අමෙරිකානු ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන පොලිටිකෝ ඒ සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කර තිබුණි.

එහි දැක්වෙන්නේ ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණයට සම්බන්ධ ලිපි ලේඛන මෙන්ම උප ජනාධිපති අපේක්ෂක ජේ ඩි වෑන්ස් සිදුකළ ගවේෂණයක තොරතුරු විද්‍යුත් තැපෑලෙන් ඔවුන්ට ලැබී ඇති බවයි.

එළඹෙන ජනාධිපතිවරණය ට මැදිහත්වීමේ අදහසින් එම තොරතුරු හැක් කර ලබාගන්නට ඇතැයි සැලකෙයි.