ශම්මි සිල්වා ඉතාම සුහදව මේ තනතුර අතහැරියා..සජබේ හොල්ලලා ඉරාන්ට පත්වීම දුන් හැටි නලින්ද කියයි
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා වශයෙන් සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පත් කිරීම නිවැරදි තීන්දුවක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව අද (05) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ජනතාවගේ ප්‍රාර්ථනය සහ අභිලාශය වනුනේ ක්‍රිකට් ක්‍රීඩාව පවතින තත්ත්වයෙන් ඉහළට එසැවීම වන බැවින් ඔහු ඇතුළු කණ්ඩායමට මේ වෙනුවෙන් වෙහෙසීමට හැකියාව පවතින බවයි.
එසේම හිටපු සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා තනතුර සුහදශීලිව අත්හැරීමට එකඟවීම ලබා දුන් යහපත් ආදර්ශයක් වන බවත් ඒ අනුව ඉරාන් වික්‍රමරත්න මහතා ඇතුළු කණ්ඩායමට ඉදිරි වැඩකටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය සහාය ලබා දීම සිදුකළ යුතු බවත් ඔහු සඳහන් කරයි.
කෙසේ වෙතත් වැඩිදුරටත් අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ,
"රජය හැටියට ගත්ත හරි තීන්දුවක්. අපිට ඕන ක්‍රිකට් පරිපාලකයෙක් අවශ්‍ය කරන්නේ. අපිට ඕනේ ක්‍රිකට් ක්‍රීඩාව මේ තියන තත්ත්වයෙන් ඉහළට ඔසවා ගැනීම සඳහා ජනතාවගේ අභිලාෂය, ජනතාවගේ ප්‍රාර්ථනය ඉටු කර ගැනීම සඳහා ශක්තිමත් කණ්ඩායමක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක ඇතුළේ ක්‍රිකට් ගැන දන්න, ක්‍රිකට් ගැන ආදරය කරන, අත්දැකීම් තියෙන සහ පරිපාලනය ගැන දන්න හැම අයම නියෝජනය වෙනවා. ඉරාන් වික්‍රමරත්න ඇතුළු මේ කණ්ඩායමට පුළුවන්කම ලැබේවි කියලා අපි විශ්වාස කරනවා ලංකාවේ ක්‍රිකට් හොඳ තැනකට ගේන්න. ඒක තමයි රජයේ ප්‍රාර්ථනය ඉතිං අපි ඒ අයට ඉඩකඩ ලබා දෙනවා ඒ කණ්ඩායම ඉතාම ශක්තිමත්ව බැඳිලා මේ වෙනුවෙන් උරදීලා ඉන්නවා. ශම්මි සිල්වා මැතිතුමා ඉතාම සුහදව සුහදශීලිව මේ තනතුර අතහැරියා. ඒක මම හිතනවා දීපු හොඳ ආදර්ශයක්. ඒවගේම තමයි ඉරාන් වික්‍රමරත්න මැතිතුමා මේක භාරගත්තා ඉතිං අපි ඒ අයට වැඩ කරන්න දිලා ඉමු"
මෙතන මහා ලොකු හොරකමක් වෙලා තියෙනවා - රටම කතා කළ මහා භාණ්ඩාගාර හොරකමේ සියලු විස්තර හර්ෂ රටටම දිගාරියි