පළමු වරට විදෙස් රටක පැවැත්වෙන IPL ක්‍රීඩක වෙන්දේසිය.

By Hashini Oct 27, 2023 07:08 AM GMT
Report

 ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මස 19 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙවර ක්‍රීඩක වෙන්දේසිය ඉන්දියාවේ නොපවත්වා එය ඩුබායි රාජ්‍යයේදී පැවැත්වීමට තරඟ සංවිධායකයින් තීරණය කර ඇති බවයි.

විදෙස් රටකදී ඉන්දීය ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරඟාවලියක ක්‍රීඩක වෙන්දේසියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වනවා.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ නොවැම්බර් මස 15 දක්වා ලබන වසරේ පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම්වල තවදුරටත් රඳවාගෙන සිටින සහ කණ්ඩායම්වලින් නිදහස් කරන ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව ඉදිරිපත් කිරීමට කල් ලබා දී තිබෙනවා.