කමින්ස්ගේ වාර්තාව ස්ටාක් කඩයි...(UPDATE)

Report

UPDATE -:

IPL වෙන්දේසියේ මේ දක්වා හිමිවූ වැඩිම මුදලේ වාර්තාව බිඳ දැමීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩක මිචෙල් ස්ටාක් සමත්විය. ඒ අනුව මෙවර IPL වෙන්දේසියේ සුපිරි ඔස්ට්‍රේලියානු ක්‍රීඩක මිචෙල් ස්ටාක් ඉන්දීය රුපියල් කෝටි 24.75කට අලෙවි විය.

ඔහුව මිලදීගත්තේ කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායමයි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක සුපිරි ක්‍රීඩක පැට් කමින්ස් මෙවර IPL වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 20.5කට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මිලදී ගත්තේය.

එම මුදල ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.9කි.

..........................................................................................................

කමින්ස්ගේ වාර්තාව ස්ටාක් කඩයි...(UPDATE) | Ipl Aucation Wanidu Price

2024 ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිට ඩුබායිහි දී පැවැත්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංගව සන්රයිස(ර්)ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම විසින් මිල දී ගෙන තිබේ.ඒ අමෙරිකානු ඩොලර් 181,000කට ය.

මෙතෙක් විකිණුනු ක්‍රීඩකයින් අතරින් බටහිර ඉන්දීය කොදෙව් 20යි 20 කණ්ඩායමේ නායක, රොවුමන් පවෙල් ඩොලර් 890,000කට රාජස්ථාන් රෝයල් කණ්ඩායම විසින් මිලදී ගත්තේය.

එසේම එංගලන්ත ක්‍රීඩක හැරී බෘෘක් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් අමෙරිකානු ඩොලර් 480,000කට මිල දී ගත්තේය.ඒ අමෙරිකානු ඩොලර් 181,000කට ය.

රචින් රවින්ද්‍රා - චෙන්නයි සුපර් කිංග්ස් - අමෙරිකානු ඩොලර් 217,000යි.

ශාඩුල් තකූර් - චෙන්නායි සුපර් කිංග්ස් - අමෙරිකානු ඩොලර් 482,000

අස්මතුල්ලා ඔමර්සායි - ගුජරාට් ටයිටන්ස් - අමෙරිකානු ඩොලර් 60,000

කමින්ස්ගේ වාර්තාව ස්ටාක් කඩයි...(UPDATE) | Ipl Aucation Wanidu Price

ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක සුපිරි ක්‍රීඩක පැට් කමින්ස් මෙවර IPL වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 20.5කට අලෙවි විය. ඔහුව මිලදී ගත්තේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමයි.

ඒ අනුව IPL ඉතිහාසයේ මේ දක්වා වැඩිම මිලකට අලෙවි වී ඇති ක්‍රීඩකයා ලෙසද ඔහු පත්විය. එම මුදල අමෙරිකානු ඩොලර් මිලියන 2.4කි.

ජෙරල්ඩ් කොඑට්සී - මුම්බායි ඉන්දියන්ස් - අමෙරිකානු ඩොලර් 602,000

හර්ෂාල් පටෙල් - පන්ජාබ් කිංග්ස් - අමෙරිකානු ඩොලර් 1,412,000

ඩැරිල් මිචෙල් - චෙන්නායි සුපර් කිංග්ස් - අමෙරිකානු ඩොලර් 1,687,000