සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ළංසුවක්..

Report

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්,  ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළම මූලික ලංසුවක් යටතේ කාණ්ඩගත කළ ක්‍රීඩකයන් අතරට නම්කර තිබේ.

දෙසැම්බර් 19 වැනිදා ඩුබායිහී දි ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීමට නියමිතයි.

මෙවර ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයන් 1,166ක් ලියාපදිංචි වී සිටින අතර, වෙන්දේසියේ දී උපරිම වශයෙන් ක්‍රීඩකයන් 77 දෙනෙකු කණ්ඩායම්වලින් මිල දී ගැනීමට නියමිත ව ඇත.

සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ළංසුවක්.. | Ipl Aucation Angelo Mathews Price

එනම් වාර්තා වන්නේ, එහි දී ඉහළම මූලික ලංසුවක් හිමි කාණ්ඩය වන ඉන්දීය රුපියල් කෝටි දෙකේ කාණ්ඩයට ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් ව සිටින බවයි.

ඊට අමතර ව එම කාණ්ඩයට එක්දින ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියා සංචිතයේ පැට් කමින්ස් ,ට්‍රේවිස් හෙඩ්, මිචෙල් ස්ටාර්ක්, ජොෂ් හැසැල්වුඩ්, ස්ට්ව් ස්මිත්, ජොෂ් ඉංග්ලිස් සහ සීන් ඇබොට් යන ක්‍රීඩකයන් ද ඇතුළත් කර ඇත.

වනිඳු හසරංග ව කාණ්ඩගත කර ඇත්තේ, ඉන්දියානු රුපියල් කෝටි එකහමාරක මූලික ලංසුවක් ඇති ලැයිස්තුවටයි.