රටම බලා සිටින IPL හෙට ඇරඹෙයි! තරග නීති වල වෙනසක්?

Cricket Sri Lanka Cricket Sri Lanka Indian Premier League IPL 2025
By Akash Mar 21, 2025 12:06 PM GMT
Akash

Akash

Report

හෙට දින සිට 2025 ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ සදහා නව නීති රෙගුලාසි තුනක් එක්කිරීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එම නව නීති රෙගුලාසි පනවා ඇති බව එරට ක්‍රිකට් බලධාරීන් පවසනවා.

මුම්බායි නුවර පැවති රැස්වීමේ දී ගත් සුවිශේෂී තීරණයක් මගින් මෙම එකඟතාවයට පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

ඒ, අනුව කොවිඩ් 19 වසංගතයෙන් පසු පළමු වරට පන්දු යවන කණ්ඩායමට පන්දුවේ පැහැය වැඩි කිරීමට කේතයක් යොදා ගැනීමට අවසර හිමි වී තිබෙනවා.

කොවිඩ් වසංගතයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ පන්දුවේ පැහැය වැඩි කිරීමට කේතයක් යොදා ගැනීම තහනම් කෙරුනා. තවද, රාත්‍රියේ පැවැත්වෙන තරගවල දී දෙවන ඉනිමේදී 11 වන ඕවරයේ සිට නව පන්දුවක් හඳුන්වාදීමේ නීතියක් ද හඳුන්වා දී තිබෙනවා.

මෙය දහවල් කාලයේ පැවැත්වෙන තරග සඳහා වලංගු නොවන අතර වයිඩ් පන්දු සඳහා DRS ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ නීතිය ද හදුන්වා ඇති බව පැවසෙනවා.

එයට අමතරව වයිඩ් පන්දු සඳහා DRS ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ නීතිය ද මෙවර හදුන්වා දී තිබීම විශේෂත්වයක්. කෙසේ වෙතත්, 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා මෙවර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 07ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ReeCha