IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් වෙනස් වෙයි. - ඒ වෙනස් වූ මිල ගණන් මෙන්න.

Fuel Price In Sri Lanka Lanka IOC
By Wayomi Jul 01, 2024 04:01 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද පියවර ගෙන තිබුනා.

ඒ, අනුව ඊට සාපේක්ෂව අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

" ගින්දර දුන්නේ ඇයි කියපන් දුවේ මට.." - හිරුණිකාව බන්ධනාගාරයට රැගෙන යද්දී මවගේ වේදනාව කැමරාවේ සටහන් වූ අයුරු. - (PHOTOS)

" ගින්දර දුන්නේ ඇයි කියපන් දුවේ මට.." - හිරුණිකාව බන්ධනාගාරයට රැගෙන යද්දී මවගේ වේදනාව කැමරාවේ සටහන් වූ අයුරු. - (PHOTOS)


සයිනොපෙක් ඉන්ධන මිල ගණන්

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 344කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල්‍ 41කින් පහළ දමා ඇති අතර එහි නව රුපියල් 379කි.

එසේම ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුකර නොමැති අතර, එය රුපියල් 314ක්ව පවතී.

සයිනොපෙක් සුපර් ඩීසල් මිල ද රුපියල් 22කින් පහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 355කි.

අද මධ්‍යම රාත්‍රී සිටම බස් ගාස්තු අඩු වෙයි ද? නැති වෙයිද? - අඩු වුණොත් එහි වාසිය ගන්නේ මෙහෙමයි. හරිම විස්තරය මෙතැනින් බලන්න.

අද මධ්‍යම රාත්‍රී සිටම බස් ගාස්තු අඩු වෙයි ද? නැති වෙයිද? - අඩු වුණොත් එහි වාසිය ගන්නේ මෙහෙමයි. හරිම විස්තරය මෙතැනින් බලන්න.


ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 11කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 344ක් වේ.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් ද රුපියල් 41කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 379ක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේය.

අඩේ ඒ මොකක්ද ඒ රියදුරාට වුණේ.? - අතරමඟ දුම්රිය නවතා පලා යද්දී මඟීන් පස්සෙන් දුවන් ගිහින් අල්ලාගත්ත හැටි.. - (VIDEO)

අඩේ ඒ මොකක්ද ඒ රියදුරාට වුණේ.? - අතරමඟ දුම්රිය නවතා පලා යද්දී මඟීන් පස්සෙන් දුවන් ගිහින් අල්ලාගත්ත හැටි.. - (VIDEO)


මීට අමතරව ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 22කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 355ක්.

කෙසේ වෙතත් ඔටෝ ඩීසල් සහ භූමිතෙල් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුනොකළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවසඳහන් කළේ.

ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 317කටත් ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 202කටත් අලෙවි වනු ඇත.

මෙන්න මෙහෙම සිඟාකෑම නීතියෙන් තහනම් බව ඔබ දැනගෙන සිටියාද? - යාචක සංගම් වලට රතු එළියක්.

මෙන්න මෙහෙම සිඟාකෑම නීතියෙන් තහනම් බව ඔබ දැනගෙන සිටියාද? - යාචක සංගම් වලට රතු එළියක්.


ලංකා IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව ලංකා IOC මිල ගණන් වෙනස් වී ඇත.