හිටපු අමාත්‍යවරුන් පස් දෙනෙකු සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන.චෝදනා බරපතලයි..

Report

බරපතළ මූල්‍ය වංචා මිනීමැරුම් ඇතුළු විවිධ චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍යවරුන් පස් දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

ධාවනය වෙමින් තිබු වෑන් රථයේ ගැලවී ගිය රෝදය නිසා අහිමි වූ ජීවිතය..

ධාවනය වෙමින් තිබු වෑන් රථයේ ගැලවී ගිය රෝදය නිසා අහිමි වූ ජීවිතය..

මෙම පස් දෙනා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සහ තොරතුරු වාර්තා පදනම් කරගෙන විමර්ශන කටයුතු මෙසේ ආරම්භ කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර අල්ලස් කොමිෂන් සභාව විසින් ඉල්ලා අස්කර ගැනුණු සහ අධිකරණයේදී තාක්ෂණික කරුණු හේතුවෙන් ප්‍රතික්ෂේප වුණු හිටපු අමාත්‍යවරුන් හා සම්බන්ධ නඩු කිහිපයක් යළි පැවරීම කෙරෙහි ද අදාල නීති අංශ කටයුතු කරමින් සිටින බව එම ආරංචි මාර්ග පැවසීය.

තවත් හිටපු ප්‍රබලයකු දේශපාලනයෙන් සමුගනියි..

තවත් හිටපු ප්‍රබලයකු දේශපාලනයෙන් සමුගනියි..

එම නඩු ප්‍රතික්ෂේපවීමට බලපෑ කරුණු පිළිබඳවද මේ දිනවල විශ්ලේෂණය කෙරෙන බව දැනගන්නට ඇත. මේ අතර මූල්‍ය චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍යවරුන් පිරිසක් සම්බන්ධයෙන් විවිධ කණ්ඩායම් මාර්ගයෙන් තොරතුරු සොයා බලාගෙන යන බවද වාර්තා වේ.

තවද පසුගිය වකවානුවේදී සිදුවී ඇති සහ කාලයේ වැලිතලාවෙන් වැසී ගිය විවිධ මිනීමැරුම් සම්බන්ධයෙන් යළි විමර්ශන කිරීමටද රජයේ අවධානය යොමුව ඇත.

You may like this video