තවත් හිටපු ප්‍රබලයකු දේශපාලනයෙන් සමුගනියි..

Report

 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා දේශපාලනයෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.

අද (27) පානදුර දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

නංගිට ආපු විවාහ යෝජනාවට කැමති වූ අක්කට සිදු වූ අපරාධය..

නංගිට ආපු විවාහ යෝජනාවට කැමති වූ අක්කට සිදු වූ අපරාධය..

"අපි බලාපොරොත්තු වෙච්ච දේ නෙමෙයි සජබය ඇතුළේ තියෙන්නේ. සමගි ජන බලවේගය කියලා කිව්වට මේක ඇතුළේ කිසිම සමගියක් නැහැ. මහා ඒකාධිපති පාලනයක් තියෙන්නේ. වැඩක් කරන්න කැමති කෙනෙකුට මෙතන වැඩක් කරන්න ඉඩ දෙන්නේ නැහැ." "උදාහරණයකට ගන්න ලේකම්තුමා... ලේකම්ගේ නම විතරක් ජාතික ලැයිස්තුවට නම් කරලා යැව්වා." "සමගි ජන බලවේගය තව ටිකක් කල් යනකොට අලියා ගිල්ල දිවුල් ගෙඩිය වගේ වෙනවා." "අන්න ඒ කාරණා නිසා මම සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් අද දිනයේ සිට ඉවත් වෙනවා. මම තීන්දු කළා මගේ දේශපාලනයට මින් ඉදිරියට තිත තියන්න."

ලලිත් එල්ලාවල යනු කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු වරම් දිනා ගත් අයෙක්.

රජයේ රෝහල් ගැන භයානක අනාවරණයක් ...

රජයේ රෝහල් ගැන භයානක අනාවරණයක් ...

නමුත් පසුකලෙක ඒ මහතා සමගි ජන බලවේගය හා එක් වුණා.

වර්ෂ 1989 දී හෙතෙම පළමු වරට බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවෙන් මෙරට දේශපාලනයට එක් වුණා.

You may like this video