අනියම් බිරිඳගේ ජිවන වියදම් අනියම් විදිහට හොයපු කඩුවෙල මුතූ ..

Sri Lanka Police Sri Lanka Dubai kaduwela
By Piyumika Jul 01, 2024 03:18 AM GMT
Piyumika

Piyumika

Report

ඩුබාහි ජීවත්වන කඩුවෙල මුතු නමැති පාතාල කල්ලි සාමාජිකයකු විසින් ලග්ගල කළුගඟ ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ලබා දෙන ලෙස දුරකථනයෙන් කරන ලද තර්ජනයකට අනුව කරන ලද පරීක්ෂණයකදී ඔහුගේ අනියම් බිරිඳ උස්වැටකෙයියාව පමුණුගම ප්‍රදේශයේදී පෙරේදා (29 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

බලාපොරොත්තු ගොන්නක් එක්ක, අරඹන ජූලි පටන් ගද්දිම මොකක්ද මේ වෙන්නෙ?. ලග්නය බලලම ඉන්න..

බලාපොරොත්තු ගොන්නක් එක්ක, අරඹන ජූලි පටන් ගද්දිම මොකක්ද මේ වෙන්නෙ?. ලග්නය බලලම ඉන්න..

ව්‍යාපාරිකයාගෙන් ඉල්ලූ කෝටි දෙකක කප්පම් මුදලින් අත්තිකාරමක් ලෙස රුපියල් 650000 ක මුදලක් උස්වැටකෙයියාව පමුණුගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ බැංකු ගිණුමකට තැන්පත් කර ඇති අතර ඒ පිළිබඳ පසු ගිය 26 වැනිදා ලග්ගල පොලිසිය වෙත එම ව්‍යාපාරිකයා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම පැමිණිල්ලට අනුව සිදුකරන ලද විමර්ශනයේදී කඩුවෙල මුතු විසින් මැණික් ව්‍යාපාරිකයාට දුරකථනයෙන් බැණ තර්ජනය කොට කප්පම් මුදල උස්වැටකෙයියාව පමුණුගම පදිංචි ඔහුගේ අනියම් බිරිඳගේ බැංකු ගිණුමට බැර කරන ලෙස ඉල්ලා තිබේ .

ඉතුරු සල්ලි ඉල්ලුවායි කියා රියදුරු මගියාට පහර දීලා..

ඉතුරු සල්ලි ඉල්ලුවායි කියා රියදුරු මගියාට පහර දීලා..

අදාළ කාන්තාව 2021 වසරේදී ඩුබායි රටට ගොස් කඩුවෙල මුතු නමැත්තා සමග එකට ජීවත්වී නැවත 2023 අගදී ලංකාවට පැමිණ ඇති අතර ඇයට ජීවත්වීම සඳහා කඩුවෙල මුතු නමැත්තා මෙම කප්පම් මුදල් ඉල්ලා ඇති බවට කරුණු අනාවරණය කොටගෙන ඇත .

මෙම වැටලීම මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ ගේ මෙහෙයවීමෙන් ලග්ගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික පද්මරාජ, අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද, උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ, පොලිස් සැරයන්වරුන් වන (14751) කුමාරසිංහ, (21662) රංජිත්, පොලිස් කොස්තාපල් (87174) රාජපක්ෂ හා කාන්තා පොලිස් කොස්තාපල් (12213) කෞශල්‍යා යන අය විසින් සිදු කර තිබේ.

රනින් සැරසී පැමිණ කටුනායකින් මහඋළු ගෙදරට ගිය මගියා..

රනින් සැරසී පැමිණ කටුනායකින් මහඋළු ගෙදරට ගිය මගියා..

අදාළ සිද්ධියට සම්බන්ධ ඩුබායි රටේ ජීවත් වන ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමේ විමර්ශන කටයුතු සිදු කරන අතර අත්අඩංගුවට ගත් කාන්තාව ලග්ගල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.