ඔන්න හිටපු ඇමතිවරුන් හය දෙනක්ව හිරේ දාන්න සියල්ල සූදානම්ලු
CID - Sri Lanka Police
Bribery Commission Sri Lanka
Law and Order
Sinhala news
By Shehan
හිටපු අමාත්‍යවරුන් හය දෙනකුට එල්ලවන දූෂණ සහ වංචා චෝදනා සම්බන්ධ පරීක්ෂණ අවසන් වී ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.
අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මෙම පරීක්ෂණ සිදු කර ඇත.
ඒ අනුව, ඉදිරි දිනවලදී මොවුනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මෙම චෝදනා එල්ල වී ඇත්තේ කුරුණෑගල, මහනුවර, බදුල්ල, මොණරාගල යන දිස්ත්‍රික්වල හිටපු අමාත්‍යවරුන් පස්දෙනකුට සහ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට එරෙහිවයි.
ඇතැම් පුද්ගලයින් ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගනු ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.
