මරු සැගවී සිටින මාරක වැසිකිළියේ අභිරහස ..

Report

නුවරඑළිය බස් නැවතුම්පොළේ පොදු වැසිකිළිය තුළදී මියගිය පුද්ගලයන් දෙදෙනා මියගොස් ඇත්තේ හෘද රෝග තත්ත්වයක් හේතුවෙන් බවට තොරතුරු අනාවරණය විය.

අයින්ස්ටයින්ගේ අනතුරු ඇඟවීම වෙන්දේසියට..

අයින්ස්ටයින්ගේ අනතුරු ඇඟවීම වෙන්දේසියට..

පසුගිය දා (26) සවස් කාලයේ දී සහ පෙරේදා (27) පෙරවරුවේදී වැසිකිළිය තුළ පුද්ගලයන් දෙදෙනෙකු අවස්ථා දෙකකදී වැටී සිටින බවට පොලිසියට ලද දුරකතන ඇමතුමක් මත නුවරඑළිය පොලිසිය විමර්ශන ආරම්භ කළ අතර, මෘත දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහයන් ඔවුන්ගේ ඥාතීන්වෙත මුදාහරින ලෙස නියෝග කර තිබුණි .

  මෙසේ මියගොස් තිබුණේ 71 හැවිරිදි නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි .

අම්පාරේ ලංගම බස් රථයකට සිදු වූ බිහිසුණු අනතුර..

අම්පාරේ ලංගම බස් රථයකට සිදු වූ බිහිසුණු අනතුර..

කෙසේ වෙතත් නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේද සහාය ඇතිව විමර්ශනයක් සිදු කරන තෙක් එම වැසිකිළිය මුද්‍රා තැබීමට පියවර ගෙන තිබේ .