ජනාධිපති මාධ්‍ය ඒකකයේ නැති වූ භාණ්ඩ ගැන වහාම විමර්ශනයක්..

Report

ජනාධිපති මාධ්‍ය ඒකකයේ තිබී පසුගිය කාලයේ අස්ථානගත වූ ඇතැම් භාණ්ඩ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

අයේ වැදිලා නෑ පොඩ්ඩක්වත් කියන්න බැරි වෙන්නම එකට බීපු මිතුරාට කරපු දේ..

අයේ වැදිලා නෑ පොඩ්ඩක්වත් කියන්න බැරි වෙන්නම එකට බීපු මිතුරාට කරපු දේ..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම සිද්ධියට අදාළව ප්‍රසම්පාදන නිලධාරියාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර, මෙම භාණ්ඩ භාරගත් අයගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවත් සඳහන් කළේය.

මෙසේ අස්ථානගත වූ භාණ්ඩ මොනවාදැයි සොයා බලා ඒ පිළිබඳව ලැයිස්තුවක් ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී ඇත.

අද තමයි උඹ හුස්ම ගන්න අවසන් දිනේ කියලා වැඩේ දෙන්න ගිය දෙන්නෙක් මාට්ටු..

අද තමයි උඹ හුස්ම ගන්න අවසන් දිනේ කියලා වැඩේ දෙන්න ගිය දෙන්නෙක් මාට්ටු..

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලපුළි ලංකාතිලක මහත්මිය මෙම විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියෝග කළාය.

You may like this video