අද තමයි උඹ හුස්ම ගන්න අවසන් දිනේ කියලා වැඩේ දෙන්න ගිය දෙන්නෙක් මාට්ටු..

By Piyumika Jan 08, 2025 08:58 AM GMT
Report

පුද්ගල ඝාතනයකට ගිනි අවියක් රැගෙන ත්‍රිරෝද රථයකින් යමින් සිටි බවට සැක කරන පුද්ගලයන් දෙදෙනෙකු විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා ජීව උණ්ඩ පහක් සමග අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය කියයි.

රාජ්‍ය තාන්ත්‍රිකයෙක් අභිරහස් ලෙස මියයයි..

රාජ්‍ය තාන්ත්‍රිකයෙක් අභිරහස් ලෙස මියයයි..

හංවැල්ල පොලිසියේ නිලධාරීන් ඉරිදාපොළ හන්දියේ ක්ෂනික මාර්ග බාධක යොදා වාහන පරීක්ෂා කිරීමේදී තීරෝද රථයක් අධික වේගයෙන් ගමන් කිරීම හේතුවෙන් රාත්‍රී ජංගම සංචාර නිලධාරීන් තීරෝද රථය පසුපස හඹා ගොස් නවතා පරික්ෂා කිරීමේදී මෙම ගිනි අවිය සහ ජිව උන්ඩ සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

අයේ වැදිලා නෑ පොඩ්ඩක්වත් කියන්න බැරි වෙන්නම එකට බීපු මිතුරාට කරපු දේ..

අයේ වැදිලා නෑ පොඩ්ඩක්වත් කියන්න බැරි වෙන්නම එකට බීපු මිතුරාට කරපු දේ..

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම කිසියම් පුද්ගලයකු ඝාතනය කිරීම සඳහා මෙම ගිනි අවිය රැගෙන යනවාද යන්න සොයා විමර්ශන සිදුකරන බව පොලිසිය කියයි සැකකරුවන් දෙදෙනා කොස්ගම වෙරළු පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35/49 අතර පසුවන රියදුරු රැකියාවේ නියුතු පුද්ගලයන් දෙදෙනෙකි

You may like this video