පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමට අතුරු තහනමක්...කොළඹ මහ නගර සභාවත් ඒ අතර

Election Commission of Sri Lanka Sri Lanka Legislative Elections in France
By Akash Apr 07, 2025 11:17 AM GMT
Akash

Akash

Report

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අද (07) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

සිය නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කීපයක් ඉදිරිපත් කළ රිට් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. ඒ අනුව මෙම පෙත්සම්වලට අදාළ විරෝධතා මැයි 05 වනදාට පෙර ගොනුකරන ලෙස විනිසුරු මඩුල්ල විසින් මෙහිදී නියෝග කර තිබේ.

මෛත්‍රීත් අද CIDයට

මෛත්‍රීත් අද CIDයට

ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා මැයි මස 07 වනදාට පෙර ගොනුකරන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයට නියම කළේය.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය මැයි මස 16 වන දා පැවැත්වීමටද නියම වුණි. එදින තෙක් අදාළ අතුරු නියෝගය බල පැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් වෙයි.

ට්‍රම්ප් ගහන ගේම... බදු සම්බන්ධයෙන් අලුත්ම කතාව...

ට්‍රම්ප් ගහන ගේම... බදු සම්බන්ධයෙන් අලුත්ම කතාව...

නියමිත කාල සමාව තුළ අදාළ නාමයෝජනා භාර නොදුන් බවට චෝදනා කරමින් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

ReeCha