රු. කෝටි 50ක අයිස්-හෙරොයින් සමඟ හිටපු බුද්ධි නිලධාරියෙකු ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට

Report

දකුණු පළාතේ රුපියල් කෝටි 50කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ ( 27) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් අතර හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු ද සිටින බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ප්‍රකාශ කළේය.

අහුංගල්ල පොලිසියට ලැබුණු තොරතුරක් මත බලපිටිය ප්‍රදේශයේදී සිදු කළ පරීක්ෂාවකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අධික මීදුම් හේතුවෙන් කොටගලදී අනතුරක්

අධික මීදුම් හේතුවෙන් කොටගලදී අනතුරක්

ඔහුගෙන් ලබාගත් තොරතුරු මත අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී කාන්තාවක් සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 6ක් සහ හෙරොයින් කිලෝ 7කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත.

එම කාන්තාව සතුව තිබූ මිලිමීටර 9 වර්ගයේ ජීව උණ්ඩ 30ක්සහ  3.8 වර්ගයේ ජීව උණ්ඩ 30ක් ද සොයාගෙන තිබේ. එම මත්ද්‍රව්‍ය රැගෙන යාමට පැමිණි තවත් පුද්ගලයෙකු සතුව හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 6 බැගින් සොයාගැනීමට පොලීසිය සමත් වී ඇත.

මෙම ජාවාරම විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවා ඇති බව පරීක්ෂණවලදී හෙළි වී ඇති බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා සඳහන් කළේය. සැකකරුවන් සිව්දෙනාම දීර්ඝ විමර්ශන සඳහා රැඳවුම්ගත කර ඇති අතර, මෙම මෙහෙයුමත් සමඟ 2026 වසරේ දකුණු පළාත තුළ අත්අඩංගුවට ගත් විෂ මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 100 ඉක්මවා ඇති බව ඔහු කීය. පසුගිය වසරේ දකුණු පළාතේ මෙහෙයුම් මගින් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1,705ක් සහ අවිආයුධ 432ක් සොයාගෙන ඇති බවත්, මුහුදු තීරය හරහා රටට එන මත්ද්‍රව්‍ය පාලනයට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු ලැබුණහොත් පොලීසිය දැනුවත් කරන ලෙසයි.  

නීල් සෙඩකා සදහට සමුගනී

නීල් සෙඩකා සදහට සමුගනී