රාජ්‍ය සේවයෙන් ඉවත් නොවී සා පෙළ විභාග රාජකාරී වල නියැළෙන පළාත් මැතිවරණ අපේක්ෂකයන්

Report

මැතිවරණ නීතී උල්ලංඝනය කරමින්  පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී ඇති රාජ්‍ය සේවයේ යෙදී සිටින ඇතැම් අපේක්ෂකයන් මෙවර පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග රාජකාරී වල යෙදී සිටින බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කර සිටියි.

රාජ්‍ය සේවයෙහි මාණ්ඩලික සේවයේ නිලධාරියකු නම් සේවයෙන් ඉවත් වී මැතිවරණයට තරඟ කළ යුතු බවත්, එසේත් නොමැති නම් මාණ්ඩලික සේවයේ නිලධාරියෙක් නොවන රාජ්‍ය සේවකයෙක් නම් සති දෙකකට පෙර වැටුප් රහිත (තාවකාලිකව සේවයෙන් ඉවත්වීම) නිවාඩු ලබා ගත යුතු බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියි.

පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න කපල් එක කවුද?

පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න කපල් එක කවුද?

බොහෝ ප්‍රදේශ වල මැතිවරණයට නාමයෝජනා ලබාදුන් රාජ්‍ය සේවකයන් තම ආයතනවල තවමත් රාජකාරි කරමින් සිටින බවත් එය මැතිවරණයට අනිසි බලපෑමක් ඇති කළ හැකි කාර්යයක් බවත් ඔහු සඳහන් කළේය.

උතුරු මැද පළාතේ මේ වන විටත් එසේ නාමයෝජනා ලබා දුන් රාජ්‍ය සේවකයන් විභාග රාජකාරියේ යෙදී සිටින බැවින් එය සම්පූර්ණයෙන් වැරැදි කාර්යයක් බවත් ඔහු සඳහන් කළේය. 


වත්මන් ආණ්ඩුව ඩොලර් බිලියන හතක් ණය අරන්

වත්මන් ආණ්ඩුව ඩොලර් බිලියන හතක් ණය අරන්