කාන්තා පොලිස් නිලධාරීන්ට වන අසාධාරණයක් ගැන පාර්ලිමේන්තුවෙන් දුන් නිර්දේශය
By Dhananjaya
කාන්තා පොලිස් නිලධාරීන් ෙචෝදනා එල්ල කර තිබුනේ තමන්ට බඳවා ගැනීම, පුහුණුව, රාජකාරියේ යෙදවීම හා විශ්‍රාම යාම එක සමාන වුවත් උසස් වීම් ලබා දීමේදී පමණක් කාන්තා නිලධාරිනියන්ට අසාධාරණයක් සිදුවෙන බවත් මේ වන විට මුළු සේවා කාලය වසර 25ක් සම්පූර්ණ කර ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ වසර 04ක් සම්පූර්ණ කළ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් 92ක් රාජකාරියේ යෙදී සිටියත් ඔවුන්ගේ උසස් වීම් සම්බන්ධ ව නිශ්චිත ක්‍රමවේදයක් හෝ පුරප්පාඩු හඳුනා ගැනීමක් මෙතෙක් සිදුකර නැති බවත්ය.
එම නිසා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට නිර්දේශ කර තිබේන්නේ උසස් වීම් ලබාදීමේදී කාන්තා පොලිස් නිලධාරිනියන්ට සිදුව ඇති අසාධාරණය වහා නිවැරදි කරන ලෙසටයි.