උසස් පොලිස් නිළධාරීන් සම්බන්ධයෙන් තීරණයක් - පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් විශේෂ නිවේදනයක් මෙන්න.

Sri Lanka Police Inspector General of Police Latest Headlines Decision Making
By krishani Dec 09, 2023 11:31 AM GMT
krishani

krishani

Report

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින්  නිවේදනයක් සිදු කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ, ජාතික පොලිස් කොමිසමේ නිර්දේශ පරිදි පොලිස් නිලධාරීන් 19 දෙනෙකුට උසස්වීම්, නව තනතුරුවලට පත් කිරීම් සහ ස්ථාන මාරුවීම් සිදුකර තිබෙන බවයි.

මෙලෙස උසස්වීම්, නව තනතුරු සහ ස්ථාන මාරුවීම් ලද පිරිස අතර කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියන් දෙදෙනෙකු ද වනවා.

උසස් පොලිස් නිළධාරීන් සම්බන්ධයෙන් තීරණයක් - පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් විශේෂ නිවේදනයක් මෙන්න. | Transfers Of Senior Police Officers

ඒ අනුව (ගගන) රත්තපුර දිසාව භාරව සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී කරුණාරත්න මහතා ඌව පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු වීම් සිදුකර තිබෙනවා.

එමෙන්ම, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර් විජේසිංහ මහතා කේෂේත්‍ර බළකා මූලස්ථානයට මාරු කර ඇත.

තව ද, කේෂේත්‍ර බළකා මූලස්ථාන දිසාව භාරව සිටි ඩී.පී චන්ද්‍රසිරි මහතා ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් බඳවා ගැනීම් හා පුහුණු දිසාන භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් හේමසිරි මහතා විශේෂ ආරක්ෂක දිසාව භාරවත් ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

නාවික හා සංචාරක දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති පී.සී වෙදමුල්ල මහතා කුරුණෑගල දිසාව භාරවත් පත්කර යවා ඇති අතර බස්නාහිර පළාත් ප්‍රජා පොලිස්, පරිසර ආරක්ෂණ හා මහජන සාමය කළමනාකරණය දිසාව භාරව සිටි වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එච්. සමුද්‍රජීව මහතා නාවික හා සංචාරක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් පත් කර ඇත.

උසස් පොලිස් නිළධාරීන් සම්බන්ධයෙන් තීරණයක් - පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් විශේෂ නිවේදනයක් මෙන්න. | Transfers Of Senior Police Officers

වැඩබලන නියෝජ්‍ය පොලිස්පති සී. ඒ. පුෂ්පකුමාර මහතා දුක් ගැනවිලි අධිකාරී කොට්ඨාසයේ සිට බඳවා ගැනීම් හා පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එස්.පී ද සිල්වා මහතා අගමැති ආරක්ෂක කොට්ඨාසයේ සිට අගමැති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද පත්කර ඇත

එයට අමතරව කාන්තා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ඩී කුමාරී මහත්මිය පොලිස් මූලස්ථානයේ සිට පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ධුරයට පත්කර තිබෙනවා.

කෙසේ වෙතත්, තවත් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරු 08 දෙනෙකු පොලිස් අධිකාරිවරයෙක් සහ සහකාර පොලිස් අධිකාරිවරයෙකු හට ද ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය.