පහළට ගිය උද්ධමනය යළි ඉහළට

Report

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (21) නිකුත් කළ නවතම වාර්තාව අනුව, ජාතික පාරිභෝගික මිල දර්ශකය නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී උද්ධමනයේ සැලකිය යුතු වැඩිවීමක් සිදුව තිබේ.

ඒ අනුව, නොවැම්බර් මාසයේ දී 2.4%ක් ලෙස වාර්තා වූ මෙරට සමස්ථ උද්ධමනය දෙසැම්බර් මාසයට යාවත්කාලීන වශයෙන් 2.9%ක් දක්වා වැඩි වී තිබේ.

දිට්වා නිසා මියගිය පිරිසගේ මරණ සහතික ගැන විශේෂ දැනුම්දීමක්

දිට්වා නිසා මියගිය පිරිසගේ මරණ සහතික ගැන විශේෂ දැනුම්දීමක්

විශේෂයෙන් ආහාර කාණ්ඩය සම්බන්ධ උද්ධමනයේ වර්ධනයක් ඇති අතර, නොවැම්බර් මාසයේ 3.6%ක් වූ උද්ධමනය දෙසැම්බර් මාසයේදී 4.4%ක් දක්වා ඉහළ ගොස් ඇත.

ආහාර නොවන කාණ්ඩය සඳහා ලක්‍ෂ්‍යමය උද්ධමනය නොවැම්බර් මාසයේදී 1.5%ක් වුවද, දෙසැම්බර් මාසයේදී 1.6%ක් දක්වා වැඩි වී තිබේ. මෙම දත්ත අනුව, දෙසැම්බර් මාසයේදී පාරිභෝගික මිලවල සාපේක්ෂ වර්ධනය සැලකිය යුතු ලෙස ඇති අතර, ආහාර ද්‍රව්‍ය වර්ගයේ උද්ධමනය විශේෂයෙන්ම වැඩි වීමක් දැක්වෙයි.

විශේෂ දැනුම් දීමක් - පෙබරවාරි 04 සිට 11 දක්වා

විශේෂ දැනුම් දීමක් - පෙබරවාරි 04 සිට 11 දක්වා