කොළඹ වරායට අමුත්තෙක්
කොළඹ වරායට ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් යුද නෞකාවක් සහ රාජකීය ඕමාන නාවික හමුදාවට අයත් යුද නෞකාවක් පැමිණ තිබේ. අද (22) එම නෞකා පැමිණි බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI SULTAN ISKANDAR MUDA – 367’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මෙලෙස කොළඹ වරායට පැමිණ ඇත. එම නෞකාව කොළඹ වරායට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම සිදුකර ඇත.
Sigma Corvette FS වර්ගයට අයත් මෙම යුද නෞකාව දිගින් මීටර් 90.71ක් වන අතර, අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් Annugerah Anurullah කටයුතු කරයි. එමෙන්ම නෞකාවේ කාර්ය මණ්ඩලය කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමට නියමිත බව නාවික හමුදාව සඳහන් කරයි.
එමෙන්ම, මෙම සංචාරය දෙරටේ නාවික හමුදා අතර වෘත්තීය දැනුම හුවමාරු කර ගැනීමට සහ අන්තර් මෙහෙයුම් ක්‍රියාකාරිත්වය පිළිබඳ අවබෝධය වර්ධනය කර ගැනීමටද දායක වන බවද නාවික හමුදාව පවසයි.
මේ අතර, රාජකීය ඕමාන නාවික හමුදාවට අයත් ‘AL SEEB’ යුද නෞකාවද සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද (22) කොළඹ වරායට පැමිණ තිබේ. එම නෞකාවද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගෙන ඇත.