ප්‍රචණ්ඩ විරෝධතාවයක් රටම කැලඹෙයි

Report

ඉන්දුනීසියානු රජයට එරෙහිව ඊයේ පැවැති විරෝධතාවයක් ප්‍රචණ්ඩ වී ඇති අතර පෙරේදා පැවැති විරෝධතාවයක් අතරතුර පොලිස් වාහනයක ගැටී පුද්ගලයෙකු මිය යාමට එරෙහිව ඊයේ මෙම විරෝධතාව ආරම්භ විය.

රට පුරා විදුලිය බිද වැටීමක් - විදුලිබල මණ්ඩලයෙන් අනතුරු ඇගවීමක්

රට පුරා විදුලිය බිද වැටීමක් - විදුලිබල මණ්ඩලයෙන් අනතුරු ඇගවීමක්

පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දුනීසියාව තුළ දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙස එරට රජයට බලකරමින් ජකර්තා අගනුවරදී විරෝධතා මාලාවක් පැවැත්වුණ අතර විරෝධතාකරුවන් විසිරුවා හැරීමට කැරලි මර්දන පොලිසිය කටයුතු කරමින් සිටින අතරතුර පොලිස් වාහනයක ගැටී යතුරුපැදිකරුවෙකු මියගොස් තිබුණි.

එරට බන්ඩුන්ග් නගරයේදී විරෝධතාකරුවන් ගොඩනැගිලි ගිනි තබමින් සහ දේපළවලට හානි කරමින් විරෝධය පළකර ඇත.

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

රට තුළ පොලිස් ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙස ද ඔවුන් එහිදි රජයට බලකර ඇති අතර විරෝධතා හේතුවෙන් අග්නිදිග ආසියාවේ විශාලතම ආර්ථිකය ලෙස සැලකෙන ඉන්දුනීසියාව පිළිබඳව ආයෝජකයින්ගේ විශ්වාසය ද පහත වැටී ඇත.