ඉන්දු - ශ්‍රී ලංකා ‌බෝට්ටු සේවාව යළි ඇරඹේ

By Gagana News Feb 22, 2025 09:32 PM GMT
Report

තාවකාලිකව නවතා දමා තිබූ ඉන්දු - ශ්‍රී ලංකා බෝට්ටු සේවාව යළිත් ආරම්භ කර තිබේ.

ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ දක්වා ක්‍රියාත්මක මෙම බෝට්ටු සේවාවේ පළමු බෝට්ටුව මාස දෙකකට වැඩි කාලයකට පසු අද (22) කන්කසන්තුරේ වරායට ළඟා වූ අතර ඉන්දීය මාධ්‍ය වාර්තාකර සිටියේ නාගපට්නම් වරායෙන් පිටත් වූ මෙම බෝට්ටුවේ මගීන් 83 දෙනෙකු සිටි බවයි.

මෙම බෝට්ටු සේවාව අඟහරුවාදා හැර සතියේ සෑම දිනකම ක්‍රියාත්මක වන අතර අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මෙය ඉකුත් වසරේ නොවැම්බර් මාසයෙන් පසු තාවකාලිකව නතර කරන ලදී.

මෙහි ගමන්ගන්නා මගීන්ට කිලෝග්‍රෑම් 10ක ගමන් මළු රැගෙන යා හැකි අතර ඊට අමතර ප්‍රමාණයක් රැගෙන යාමට අවශ්‍ය නම්, ඒ සඳහා අමතර ගාස්තුවක් ගෙවා එම සේවාව ලබාගැනීමටද අවස්ථාව සලසා ඇත. 

අර්ජුන් ඇලෝසියස් නිදහස් වෙයි

අර්ජුන් ඇලෝසියස් නිදහස් වෙයි

කොටහේන වෙඩික්කරුවන් පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුට

කොටහේන වෙඩික්කරුවන් පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුට