ඉන්දියානු කෝච්චිය කොළඹ ඉක්මණින් කොටුවට... මෝදී වැඩ අරඹයි

Report

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු දුම්රිය සේවාව ආරම්භ කිරීමට අදාළ මුලික කටයුතු මේවන විට ආරම්භ කර ඇති බව ඉන්දීය පුවත් සේවයක් වාර්තා කර තිබෙනවා.

දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලංකාවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා එහි ගමනාන්තය සිදුවනු ඇති බවයි එම වාර්තා පවසන්නේ. ඉන්දියාවේ රාමේශ්වරම් දුපත සහ චෙනායි නුවර යාකරන පාම්බන් දුම්රිය මාර්ගය හරහා මෙම සේවාව තලයිමන්නාරම දක්වා ක්‍රියාත්මක වනු ඇති.

කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක අතුරු තහනම ඉවතට

කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක අතුරු තහනම ඉවතට

ඉන්දීය අවසන් දුම්රිය ස්ථානය ධනුෂ්කොඩි වන අතර ශ්‍රී ලංකාවේ පළමු දුම්රිය ස්ථානය තලයිමන්නාරම ජැටිය වනවා. ධනුෂ්කොඩි සහ තලයිමන්නාරම ජැටිය දක්වා කිලෝ මීටර 25ක් වන අතර රාම්සේතු පාලම ආශ්‍රිතව මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමට නියමිතයි.

අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් පසුගිය 6 වැනිදා විවෘත කරන ලද නව පම්බන් පාලමල ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කොළඹ දක්වා සෘජු දුම්රියක් ක්‍රියාත්මක කිරීමේ තීරණාත්මක කොටසක් සම්පූර්ණ කරන බව ‘ඉන්දියා ටුඩේ’ වෙබ් අඩවිය වාර්තා කර සිටියා.

වැලිකඩ චින්තක පොලිස් කොට්ටෝරුවා කෙසෙල් පඳුරට කොටලා... බෙල්ලටම හිර වෙයි

වැලිකඩ චින්තක පොලිස් කොට්ටෝරුවා කෙසෙල් පඳුරට කොටලා... බෙල්ලටම හිර වෙයි

එවන් දුම්රිය සේවයක් මගින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු සම්බන්ධතාවක් ඇති කෙරෙන අතරම දෙරට අතර අනෙකුත් සබඳතා සහ වෙළඳාම යන දෙකම වඩාත් ඉහළ තලයකට ගෙනෙනු ඇති බවත් වාර්තාවේ සටහන් වනවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු දුම්රිය හෝ මහා මාර්ග සම්බන්ධතාවකට අවශ්‍ය වන්නේ කිලෝමීටර් 25 ක් දිග පාලමක් පමණක් බව සඳහන් කරන ඉන්දියා ටුඩේ ඒ පිළිබඳ ඓතිහාසික කරුණු රාශියක් ඇතුළත් විස්තරාත්මක වාර්තාවක් පළ වී තිබෙනවා.