ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය අනතුරේ..එන්න එන්නම වැඩි වෙන ඉන්දීය ධිවර තර්ජන..

By Piyumika Sep 05, 2024 06:00 AM GMT
Report

යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමග ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු ඊයේ (04) නාවික හමුදා භාරයට ගෙන ඇත.

අමානුෂික ලෙස මුහුණ දෙකට ‌වෙන්වෙන්න කපා ඝාතනය කළ කාන්තා මළ සිරුරක්..

අමානුෂික ලෙස මුහුණ දෙකට ‌වෙන්වෙන්න කපා ඝාතනය කළ කාන්තා මළ සිරුරක්..

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදුකරන බව නාවික හමුදාව පවසයි.

මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.

දක්ෂිණ අධිවේගයේ අනතුරක් -මාර්ග සංවර්ධන අධිකාරියෙන් රියදුරන්ට දැනුම්දීමක් ..

දක්ෂිණ අධිවේගයේ අනතුරක් -මාර්ග සංවර්ධන අධිකාරියෙන් රියදුරන්ට දැනුම්දීමක් ..

තවද, මෙම මෙහෙයුමත් සමග 2024 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මගින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා හතලිස් හතක් සහ ඉන්දීය ධීවරයින් තුන්සිය හතලිස් පස් දෙනෙකු නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇත.