අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයන් පිරිසක් නාවික හමුදා භාරයට..

By Piyumika Oct 10, 2024 09:49 AM GMT
Report

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 04ක් උතුරු මුහුදේදී සිය භාරයට ගැනීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.

නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව ඊයේ (09) සිදුකළ සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබුණි.

අගමැතිනියගේ වැඩ නිසා රෝහල්වල ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක්..?..

අගමැතිනියගේ වැඩ නිසා රෝහල්වල ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක්..?..

ඒ අනුව මෙම යාත්‍රා 04 සමගින් ඉන්ධීය ධීවරයන් 21 දෙනෙකුද අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රා හතර සහ එහි සිටි ඉන්දීය ධීවරයන් පිරිස කන්කසන්තුරය වරාය වෙත රැගෙන විත් ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.