සීමාව පැන්න ඉන්දීය ධීවරයින් 32ක් නාවික හමුදා දැළේ

By Gagana News Feb 23, 2025 10:13 AM GMT
Report

 ධීවර යාත්‍රා 05ක සිටි ඉන්දීය ධීවරයින් 32දෙනෙකු මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ දී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ඊයේ (22) රාත්‍රී සහ අද (23) අලුයම් කාලයේ උතුරුමැද නාවික විධානය මගින් අදාළ මෙහෙයුම සිදුකර ඇති බව සඳහන් කරන අතර නාවික හමුදා භාරයට ගත් ධීවරයින් සහ යාත්‍රා තලෙයිමන්නාරම ජැටිය වෙත රැගෙන විත් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.

ඒ අනුව, මේ වසරේ ගතවූ කාලය තුළ නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 131 දෙනෙකු සහ ධීවර යාත්‍රා 18ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.   

පාට් ටයිම් සල්ලි හොයන්න කසිප්පු පෙරූ නාවික සෙබළා අල්ලයි

පාට් ටයිම් සල්ලි හොයන්න කසිප්පු පෙරූ නාවික සෙබළා අල්ලයි

ශාරුක්ගේ කුඩා කල සිට රසිකයෙක්ලු... වෛයිරල් වන පින්තුර

ශාරුක්ගේ කුඩා කල සිට රසිකයෙක්ලු... වෛයිරල් වන පින්තුර