ඉන්දියාවේ 9 වෙනිදා ඇරඹෙන අලුත් ක්‍රීඩාව

By Zara Mar 06, 2025 05:42 PM GMT
Report

ඉන්දීය ශීත ඍතු ක්‍රීඩා උළෙල මාර්තු 9 සිට 12 දක්වා පැවැත්වීමට මේවන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

මාධ්‍ය වාර්තා පවසන්නේ, ඉන්දියාව පුරා සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට වැඩි පිරිසක් එක් වන බවයි. කාශ්මීරයේ ගුල්මාර්ග් හි හිමෙන් පිරුණු පාරාදිසයේ සත්කාරකත්වය දරන මෙම උත්සවයට හිම ක්‍රීඩා සහ තවත් බොහෝ ක්‍රීඩා ඇතුළත් වන අතර, ඉන්දියාවේ ශීත ක්‍රීඩා සඳහා නැගී එන කේන්ද්‍රස්ථානයක් ලෙස එම කලාපය වෙත අවධානය යොමුව ඇති බවයි.

ඉන්දියාවේ ක්‍රීඩා අධිකාරිය සහ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන මෙම ශීත ඍතු ක්‍රීඩා උළෙල ඉන්දියාවේ විවිධ ක්‍රීඩා කුසලතා අගයමින් බිම මට්ටමේ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම අරමුණු කරමින් පැවැත් වෙන බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.

දින හතරක් පුරා පැවැත්වෙන මෙම ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් alpine skiing, Nordic skiing, snowboarding, ඇතුළු විවිධ කාණ්ඩ යටතේ තරඟ වදිනු ඇති අතර ඒ සඳහා පළපුරුදු තරහකරුවන්ගේ සිට නැගී එන ක්‍රීඩා තරු දක්වා සහභාගී වීමට නියමිතයි.

දකුණු කොරියාවේ යුද අභ්‍යාසයකින් 7 දෙනෙක් රෝහලේ

දකුණු කොරියාවේ යුද අභ්‍යාසයකින් 7 දෙනෙක් රෝහලේ

එකම ලියාපදිංචි අංක ඇති කාර් දෙකක් පොලිස් භාරයට

එකම ලියාපදිංචි අංක ඇති කාර් දෙකක් පොලිස් භාරයට