නේපාලය පැරදූ ඉන්දියාවට ජය අත් වෙයි. (PHOTOS)
By krishani
අද (04) වර්ෂාව හේතුවෙන් තාවකාලිකව නේපාල් - ඉන්දියා තරගය අත්හිටවනු ලැබීය.
පසුව ආරම්භ වූ තරගයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායම සිය ඉනිමේ පන්දු ඕවර 48යි පන්දු 02කදී කඩුලු සියල්ල දැවී ලකුණු 230 ක් ලබා ගත්තේ ය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම ලකුණු 17ක් ලබා සිටිය දී ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් පන්දුවාර 23ක දී ලකුණු 145ක ඉලක්කයක් ඉන්දියානු කණ්ඩායම වෙත හිමි විය.
ඒ ඩක්වත් ලුවිස් න්‍යායට අනුවයි.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම කඩුලු කිසිවක් නොදැවී පන්දු 17ක් ඉතිරිව තිබියදී ලකුණු 147ක් ලබා ගත් අතර තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.
කෙසේ වෙතත්, නායක රෝහිත් ශර්මා නොදැවී ලකුණු 74ක් සහ සුබ්මන් ගිල් නොදැවී ලකුණු 67ක් ලබා ගත්තේ ය.





