ඉන්දියාවෙන් ලැබෙන ඩොලර් මිලියන 450ක 'දිට්වා' සහන පැකේජය කඩිනම් වෙයි.

Report

පසුගිය වසරේ ශ්‍රී ලංකාවට බලපෑ දරුණු “දිට්වා” ස්වභාවික ව්‍යසනයෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉන්දියාව විසින් ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 450ක සහන පැකේජය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එකඟත්වයට පැමිණ තිබේ.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ කම්කරු අමාත්‍ය හා මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අතර පැවති හමුවකදී මෙම එකඟතාවයට පැමිණ ඇති බව වාර්තා වේ.

ඉන්දීය මහ කොමසාරිස්වරයා සිය සමාජ මාධ්‍ය සටහනක් මඟින් සඳහන් කළේ,

“ඩොලර් මිලියන 450ක පශ්චාත් දිට්වා ප්‍රතිසංස්කරණ පැකේජය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය එකඟ වූ බවයි.”

ස්ටාලින් තමිල්නාඩුව කෝටි ලක්ෂ 10ක ණය උගුලක හිර කරලා භාණ්ඩාගාරය හිස් - මහ ඇමති විජේගෙන් බරපතළ චෝදනාවක්

ස්ටාලින් තමිල්නාඩුව කෝටි ලක්ෂ 10ක ණය උගුලක හිර කරලා භාණ්ඩාගාරය හිස් - මහ ඇමති විජේගෙන් බරපතළ චෝදනාවක්

පසුගිය වසරේ නොවැම්බර් 27 වැනිදා ශ්‍රී ලංකාවට බලපෑ “දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් මිලියන තුනකට අධික ජනතාවක් පීඩාවට පත් වූ අතර පුද්ගල මරණ 640කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබුණි.

ඒ අනුව, ශ්‍රී ලංකාවට සහාය ලබාදුන් පළමු රට ලෙස ඉන්දියාව “සාගර් බන්දු” මෙහෙයුම ආරම්භ කරමින් සහන සේවා දියත් කළේය.

පසුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

"ටිල්වින් සිල්වාට ගහලා" - පච පතුරවන අයට ටිල්වින් දුන්න ගේම මෙන්න

"ටිල්වින් සිල්වාට ගහලා" - පච පතුරවන අයට ටිල්වින් දුන්න ගේම මෙන්න

එම පැකේජය යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 350ක සහනදායී ණය පහසුකම්,අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රදාන ලබාදීමට නියමිතය.

මෙම හමුවේදී දැනට ක්‍රියාත්මක ද්විපාර්ශ්වික ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව ද සාකච්ඡා කර ඇති අතර, නිවාස, සෞඛ්‍ය, ජලය, යටිතල පහසුකම් සහ තාක්ෂණික ක්ෂේත්‍රවල ඉන්දීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවද අවධානය යොමු වී ඇත.

එමෙන්ම නවීන මූල්‍ය රාමු සහ සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගෙන තිබේ.

විභාග පීඩනයද? අවුරුද්දකට ශිෂ්‍ය මරණ 15,000යි

විභාග පීඩනයද? අවුරුද්දකට ශිෂ්‍ය මරණ 15,000යි