චැම්පියන්ස් කුසලානය-ඔස්ට්‍රේලියා එංගලන්ත තරඟයට පෙර ඉන්දීය ජාතික ගීය වාදනය වීමෙන් මතභේද රැසක්

Cricket Pakistan India ICC Champions Trophy
By Gagana News Feb 23, 2025 07:04 PM GMT
Gagana News

Gagana News

Report

මතභේදවලින් අඩුවක් නැති චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරඟාවලියට ඊයේ තවත් අර්බුදයක් එක්වූ ඇති බව වාර්තා වන්නේ පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී ඉන්දියා ජාතික ගීය වැරදි සහගත අයුරින් මොහොතකට වාදනය වීම හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන ලෙසට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) ජගත් ක්‍රිකට් කවුන්සලයෙන් (ICC) ඉල්ලා තිබෙන බව වා‍ර්තා වේ.

ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර ඊයේ පැවති තරඟයට පෙර එංගලන්තයේ ජාතික ගීය සිද්ධියකින් තොරව වාදනය වී තිබේ. කෙසේ වෙතත්, ඉන්පසුව ඔස්ට්‍රේලියා ජාතික ගීය වාදනය කරනවා වෙනුවට ආරම්භ වූයේ ඉන්දියා ජාතික ගීතයේ පටිගත කිරීමක් වන අතර වහාම ඒ වාදනය නතර කෙරුණි.

මේ වැරැද්ද පිළිබඳව අසතුටට පත්ව සිටින PCBය ඒ සම්බන්ධයෙන් ICCයට දොස් පවරණ බවට වාර්තා වනවා. මෙය ICC තරඟාවලියක් වන බැවින් ජාතික ගී වාදනය කිරීමේ ලැයිස්තුව ලියා බෙදා දෙනු ලබන්නේ ICCය බව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පවසනවා.

තරඟ ආරම්භ වීමට පෙර කණ්ඩායම් දෙකේ ජාතික ගී වාදනය බාරව සිටින්නේ ජගත් ක්‍රිකට් කවුන්සලය යි. ඉන්දියාව ඔවුන්ගේ සියලු තරඟ ක්‍රීඩා කරන්නේ පාකිස්තානයේ නොව ඩුබායි දේශයේ වන බැවින් ඉන්දියා ජාතික ගීය මේ ලැයිස්තුවට පැමිණියේ කෙසේදැයි PCBය ප්‍රශ්න කරනවා.

මෙය තාක්ෂණික දෝෂයක් බවට විශ්වාස කරන ICCය මේ කාරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් පවත්වන බව ප්‍රකාශ කර සිටියි.

චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ පාකිස්තානයේ නිල සත්කාරක තත්ත්වයට හානිකළ බවට හැ‌ඟෙන සිද්ධීන් පැහැදිලි කරන ලෙසට ICCයෙන් විමසා සිටීමට පසුගිය දින කිහිපය තුළ පාකිස්තාන ක්‍රිකට් බලධාරීන්ට සිදුවූ දෙවැනි අවස්ථාව ‌මෙය වන අතර ඩුබායි හි පැවති තරඟාවලියේ දෙවැනි තරඟය වූ ඉන්දියාව හා බංග්ලාදේශය අතර තරඟයේ නිල විකාශයේ ලාංජනයෙන් පාකිස්තානයේ නම අත්හැර තිබුණු බව වා‍ර්තා වේ.

පාකිස්තානය හා නවසිලන්තය අතර පැවති තරඟාවලියේ ආරම්භක තරඟය ඇතුළු මේ දක්වා පැවති අනෙකුත් තරඟවල නිල විකාශයේදී පාකිස්තානයේ නම තිරයේ ලාංජනයේ සඳහන්ව තිබුණි.

පාකිස්තානයේ නම ප්‍රදර්ශනය නොවීම හදිසියේ සිදුවූ ක්‍රියා විරහිතවීමක් බව ICCය ප්‍රකාශ කළ ද එම පැහැදිලි කිරීමෙන් PCBය සෑහීමට පත් නොවූ අතර තරඟ කුමන ස්ථානයේ ක්‍රීඩා කළ ද එවැනි දෙයක් යළි ඇති නොවන බවට ICCය සහතික වී තිබෙන බව සඳහන්. ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවති තරඟය මේ තරඟාවලියේ මෙතෙක් වැඩිම සෙනඟක් ආකර්ෂණය කරගත් තරඟය වූ අතර එය මේ තරඟාවලියේ මෙතෙක් පැවති වඩාත්ම තියුණු තරඟය බවට ද පත්වූයේ පන්දු 15ක් ඉතිරිව තිබියදී එංගලන්තය කඩුලු පහකින් පරාජය කිරීම පිණිස ඔස්ට්‍රේලියාව ලකුණු 351ක වාර්තාගත හඹායාමක නිරත වූ බැවිනි.

ජාතික ආරක්ෂාව ගැන ජනපතිගෙන් සහතිකයක්

ජාතික ආරක්ෂාව ගැන ජනපතිගෙන් සහතිකයක්

රටම භීතියට පත් කරන පාතාල රැල්ල ආණ්ඩුව බිඳ දමන කුමන්ත්‍රණයක්ද!

රටම භීතියට පත් කරන පාතාල රැල්ල ආණ්ඩුව බිඳ දමන කුමන්ත්‍රණයක්ද!

ReeCha