අග්‍රාමාත්‍ය මෝදි ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු සිංහල හා දෙමළ භාෂාවලින් X සටහන් තබයි

Report

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (04) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

මෙම සංචාරය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයක් අනුව සිදු වූවකි.

පැමිණි අග්‍රාමාත්‍යවරයාව ශ්‍රී ලංකා රජය විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. අග්‍රාමාත්‍ය මෝදි තම ශ්‍රී ලංකා ගමන පිළිබඳව X ගිණුමේ සිංහල සහ දමිළ භාෂාවලින් සටහන් තබා තිබුණි.

රනිල්ව විදේශයකදී අත්අඩංගුවට ගැනීමට රහසිගත සැලැස්මක්?

රනිල්ව විදේශයකදී අත්අඩංගුවට ගැනීමට රහසිගත සැලැස්මක්?

එහි මෙසේ සඳහන් විය: ''කොළඹට පැමිණියෙමි. ගුවන් තොටුපොළේ දී මා පිළිගත් අමාත්‍යවරුන්ට සහ සම්භාවනීයයන්ට මාගේ කෘතවේදිත්වය පිරිනමමි. ශ්‍රී ලංකාව තුළ වැඩසටහන් සඳහා අපේක්ෂාවෙන් පසු වෙමි.'

එසේම, ඔහු තවදුරටත් සටහන් කර තිබුණේ, ''කොළඹ ඉන්දීය ප්‍රජාවේ දර්ශනීය පිළිගැනීම සඳහා වර්ෂාව බාධාවක් නොවීය. ඔවුන්ගේ උණුසුම සහ උනන්දුව මා හදවත ගැඹුරින් ස්පර්ශ කළේය. ඔවුන්ට මාගේ කෘතවේදිත්වය!'' යනුවෙනි.