මේ සුදුසුකම් ඇති ලංකාවේ සිසුන්ට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් දැනුම්දීමක් - ජූලි 24 දක්වා විවෘතයි
2026-27 අධ්‍යයන වර්ෂය සඳහා ස්වයං මූල්‍යකරණ යෝජනා ක්‍රමය යටතේ උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික සිසුන්ගෙන් කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය අයදුම්පත් කැඳවා ඇත.
ඒ අනුව එහි MBBS, BDS, BE, B.Tech, B.Pharm, B.Arch, මෙන්ම ඩිප්ලෝමා මට්ටමේ තාක්ෂණික සහ ඖෂධ වැඩසටහන් ඇතුළත් පාඨමාලා තිබෙන බව සඳහන්.
මේ සඳහා අවශ්‍ය සුදුසුකම් ලෙස,
MBBS/BDS: උසස් පෙළ විභාගයේදී NEET විභාගයෙන් අවම වශයෙන් 50 වන ප්‍රතිශතයක් සහ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව සහ ඉංග්‍රීසි විෂයයන් සඳහා 50% බැගින්.
ඉංජිනේරු විද්‍යාව පිළිබඳ BE/B.Tech සහ ඩිප්ලෝමාව: උසස් පෙළ විභාගයේදී භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය යන විෂයයන්ගෙන් අවම වශයෙන් 60% බැගින් සහ ඉංග්‍රීසි භාෂාවෙන් 50% ක්.
B.Pharmacy සහ ඖෂධවේදී ඩිප්ලෝමාව: උසස් පෙළ විභාගයේදී භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව යන විෂයයන්ගෙන් අවම වශයෙන් 60% බැගින් සහ ඉංග්‍රීසි භාෂාවෙන් 50% ක්.
B.Arch: නවදිල්ලියේ ගෘහ නිර්මාණ කවුන්සිලය විසින් නියම කරන ලද යෝග්‍යතා පරීක්ෂණයෙන් අනිවාර්ය නිෂ්කාශනය.
රටම බලා සිටි අධිකරණ නියෝගය - මීගමුව බන්ධනාගාරයේ ගැටුමින් මියගිය අයගේ මෘතදේහ සම්බන්ධයෙන් කරන්න යන දේ මෙන්න
එසේම මෙම සුදුසුකම් සපිරි අයදුම්කරුවන්ට අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සහතික සහ උප්පැන්න සහතිකය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, වැඩ කරන දිනවල පස්වරු 2:00 සිට පස්වරු 4:00 දක්වා කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ අධ්‍යාපන අංශයෙන් අයදුම්පත් ලබා ගත හැකි බව සඳහන්.
ඒ අනුව සම්පූර්ණ කරන ලද අයදුම්පත් සහ උපකාරක ලියකියවිලි ඉදිරිපත් කිරීමේ අවසාන දිනය 2026 ජූලි 24 වන දින බව දන්වයි.